ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ කොම් බෑන්ක් ඩිජිටල් වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් මගින් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ මුදල් කොල්ල කෑම මේ දක්වා එම බැංකුවට නවත්වා ගැනීමට නොහැකිවී ඇතැයි වාර්තා වේ.
ඒ 448 / N / 24, ඉහල උඩුගම්පොළ, උඩුගම්පොළ පදිංචි වාහන ව්‍යාපාරිකයකු වන ඩබ්ලිව්. එම්. සී. වික්‍රමසිංහ නැමැත්තකු විසින් තමාගේ කොමර්ෂල් බැංකු ගිනුමේ වූ රුපියල් 1,999,777 ක් (රුපියල් දහනව ලක්ෂ අනූහත් දහස් හත්සිය හැත්තෑ හතක) මුදලක් කොල්ල කා ඇති බවට ඔහු විසින් ඊයේ (09) පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම නිසාය.
මෙම පැමිණිලිකරු මේ පිළිබඳව අදාළ පුද්ගලික බැංකුවේ ප්‍රධානීන් ද දැනුවත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එලෙස පැමිණිලි කර තිබේ.
මේ අතර, අදාළ බැංකුවේ අන්තර්ජාල බැංකු පද්ධතිය වෙත සූක්ෂම අයුරින් අනවසරයෙන් ඇතුළු වෙමින් සහ ඔවුන්ගේ ඩිජිටල් බැංකු පද්ධතිය සමාන වන අයුරින් ව්‍යාජ ලෙස සකස් කරන ලද යෙදුම් භාවිත කරමින් සිදුකර ඇති වංචාවන් රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි රැසක් මේ වන විට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයක විභාග වෙමින් තිබේ.
කොමර්ෂල් බැංකු සයිබර් ආරක්ෂණ පද්ධතියේ හිලක් ඇති බව ශ්‍රී ලංකා මිරර් කියා සිටියේ මීට මාස පහකට ඉහතදීය.ඒ එහි පාරිභෝගිකයකු විසින් තම ගිනුමෙන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් සොරාගෙන ඇති බවට මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට සිදු කරන ලද පැමිණිල්ලකට අනුවය.
අදාල පුවත පහත දැක්වේ.
කොමර්ෂල් බැංකු සයිබර් ආරක්ෂණ පද්ධතියේ හිලක්?; කොමර්ෂල් ගිනුම්වල සල්ලිවලට විදලා
ධම්මික කොමර්ෂල් කොටස් විකුණුවේ සයිබර් හිල නිසාද ?
කෙසේවුවද, එම බැංකුවේ සයිබර් පද්ධතියේ ඇතිවූ ගැටලුවලින් මසකට පමණ පසුව සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කොමර්ෂල් බැංකුවේ තම කොටස් රුපියල් බිලියන 5.5 ක් විකුණා දැමීමට කටයුතු කර තිබිණි.
වෙළඳපොළේදී කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස් මිලියන 26.55 ක් කොටසකට රුපියල් 195 බැගින් හුවමාරු 39 ක් හරහා මෙය සිදුව තිබිණි.
සමස්තයක් වශයෙන්, කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 29 ක් රුපියල් බිලියන 5.68 කට හුවමාරු වූ අතර එය, අති විශාල මුදලින් 43% කි.
කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස අවසන් වූයේ රුපියල් 203.25 කින් වන අතර එය 3% කින් හෙවත් රුපියල් 6.25 කින් ඉහළ යාමක් බවද එකල සටන්ව තිබිණි.
කොමර්ෂල් බැංකුවෙ හි මෙම කොටස ධම්මික පෙරේරා මහතාගේ මූලික (strategic) ආයෝජන වලින් එකක් නොවන අතර, එය ඔහුගේ වෙළෙඳ (trading) ආයෝජන වලින් කොටසකි.
ජුනි මාසය අවසන් වන විට, ධම්මික පෙරේරා සතුව ඡන්ද හිමි කොටස් මිලියන 39,226,489 ක් තිබූ අතර එය 2.5% ක කොටස් ප්‍රමාණයක් වන අතර 11 වන විශාලතම කොටස් හිමියා ද ඔහු විය.
කසේවුවද, ඊට පෙර වසර අවසානයේ ධම්මික 8 වන විශාලතම කොටස් හිමිකරුවා වූ අතර එහි කොටස් ප්‍රමාණයෙන් 3.66% ක් වූ අතර එය ඡන්ද හිමි කොටස් මිලියන 55.2 කි.
කෙසේවුවද, ඔහු මෙසේ කොටස් විකුණා දැමීමත් මේ පද්ධතියේ ගැටලු හේතුවෙන් සිදුවූවක්ද යන්න පිළිබඳව වෙළඳ පොළ කතා බහට ලක්ව තිබේ.
ඩිජිටල් බැංකු පද්ධතිය ආරක්ෂිතයි – කොමර්ෂල් බැංකුව
මේ අතර, කොමර්ෂල් බැංකුව සිය නිල සමාජ මාධ්‍ය හරහා මෙන්ම වෙළඳ දැක්වීම් හරහාද නිරන්තරයෙන් කියා සිටින්නේ සිය ඩිජිටල් බැංකු පද්ධතිය ආරක්ෂිත බවයි.
* වාහන ව්‍යාපාරික ඩබ්ලිව්. එම්. සී. වික්‍රමසිංහ මහතා විසින් සිය මුදල් නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට සිදු කළ පැමිණිල්ලේ ලදු පත

* ව්‍යාපාරිකයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ ලිඛිත පැමිණිල්ල

* අදාළ ව්‍යාපාරිකයාට සිය මුදල් වෙනත් ගිනුමකට බැරවී ඇති බවට කොමර්ෂල් බැංකුවේ SMS පද්ධතියෙන් ලැබුණු SMS එක.

📌සබැඳි පුවත්
Saru News










