කොන්ද කැක්කුමේ රතු එළි සංඥා

0
3


අපේ බෙල්ල ප්‍රදේශයේ ඉඳල පල්ලෙහට යන කශේරුකා කීපයකින් තමයි අපේ කොන්ද හැදිලා තියෙන්නෙ.කොඳු ඇට අතරෙ තියෙන ඩික්ස් එකකට අපි කියන්නෙ intervertebral disc එකක් කියලා. ඒ ඩිස්ක් එක හැදිල තියෙන්නෙ ජෙල් එකකින්. ඒ වගේම කොන්ද ශක්තිමත් කරන්න ඛණ්ඩරා සහ මාංශ පේශි පිහිටලා තියෙනවා. මෙන්න මේ ව්‍යුහ එකක හෝ දෙක තුනක ඇතිවෙන වේදනාවල් වලට තමයි අපි “අනේ මගේ කොන්ද රිදෙනවා” කියලා කියන්නෙ. මේවටම තමයි තුනටිය අමාරුකම් කියලත් අපි කියන්නෙ. මීට අමතරව කොන්ද ප්‍රදේශයේ ඇතිවන ස්නායු තෙරපීමකදි තට්ටම් ප්‍රදේශය කැක්කුම් දීම සහ එතනින් පහලට එකවරම හිරිවැටී යාම වගේ දේවල් වෙන්න පුලුවන්.

මෙන්න මේ හේතු හන්ද අපිට කොන්ද කැක්කුම් ඇතිවෙන්න පුලුවන්.

1-     කොන්ද අවට තියෙන මාංශ පේශීන් ඇදීමට ලක්වීමෙන්

2-     කොඳු ඇට දෙකක් ඇති ඩිස්ක් එකකට හානි වීම හෝ පිටතට නෙරා ඒම නිසා

3-     ඔස්ටියෝපොරෝසිස් සහ ආතර්‍යිටිස් තත්ත්ව නිසා

4-     වැරදි ඉරියව් නිසා

5-     විවිධ ආසාදන තත්ත්ව සහ පිළිකා තත්ත්ව නිසා

6-     වකුගඩු ආසාදන, වකුගඩු ගල් සහ මුත්‍රා ආසාදන නිසා

මෙන්න මේ වගේ හේතුවලට තමයි කොන්ද කැක්කුම් ඇති වෙන්න ලොකුවටම බලපාන්නෙ. ඔයාලා දන්නවද කොන්ද කැක්කුමක් හැදෙන්න ලොකුවටම ඉඩක් තියෙන අය කවුද කියලා? ඒ තමයි මෙන්න මේ අය.

1-     පොදුවේ ගත්තම කාන්තාවන් හට

2-     පරිගණක භාවිතයෙන් රැකියා කරන අයට

3-     බර උස්සන රැකියා කරන අයට

4-     ගර්භණී කාන්තාවන්ට

5-     ශරීරයේ බර වැඩි අයට

6-     වැරදි විදියට ව්‍යායාම කරන අයට

දැන් ඔයාලා බලනවා ඇති කොන්ද කැක්කුමක් හැදුනම අපි මොන වගේ වෙලාවකද වෛද්‍යවරයෙක්ව හම්බුවෙන්න යන්න ඕන කියලා. මෙන්න මේ පල්ලෙහයින් අපි සඳහන් කරන්නෙ ඒ වගේ කොන්ද කැක්කුම හැදුනම වෛද්‍යවරයෙක් ලඟට යන්නම ඕන අවස්තාවන් කීපයක්.

1-     කොන්ද කැක්කුම එක්ක උණ හැදුනොත්

2-     විවේකයෙන් ඉන්න වෙලාවට පවා ඒකාකාරීව කොන්ද කැක්කුම තියෙනවනම්

3-     කොන්ද කැක්කුම එක්ක කකුල් හිරිවැටිලා පණ නැති ගතියක් එනවනම්

4-     කොන්ද කැක්කුම එක්ක එන අධික නිදිමත, වෙහෙසකර ගතිය සහ අලස ගතියක් තියෙද්දි

5-     කොන්ද කැක්කුම එක්ක කෑම අරුචිය, ශරීරයේ බර අඩුවීම වගේ ලක්ශන මතුවෙද්දි

කොන්ද කැක්කුම එන්නෙ නැතුව ඉන්න අපිට කලින් ඉඳලා කරන්න පුලුවන් දේවල් මොනවද?

1-     නිසි බර පවත්වාගැනීම සඳහා නියමිත විදියට, හරියට ව්‍යායාම කරන එක සහ ආහාර පාලනය කරන එක

2-     කැල්සියම් සහ විටමින් d සහිත ආහාර වේලක් ලබා ගැනීම

3-     නිවැරදි ඉරියව් පවත්වා ගෙන යාම –

 ඒ කියන්නෙ හිටගෙන ඉන්න කොට කොන්ද කෙලින් තියාගෙන කකුල් දෙකට සම සමව බර දීලා ඉන්න එක.

වාඩිවෙද්දි කොන්ද කෙලින් තියාගෙන වාඩිවෙන එක. මෙහෙම වාඩිවෙද්දි ඔයාගෙ උරහිස් සහ උකුල එකම ලයින් එකක කෙලින් තියෙන්න ඕන කියන එක මතක තියාගන්න. ඒ වගේම හිස කෙලින් තියාගන්න ඕන.

පරිගණකයක් පාවිච්චි කරන අය මොනිටර් එක තමන්ගෙ ඇස් මට්ටමට හදාගන්න ඕන.

බර උස්සද්දි කොන්දට බර දීලා බර උස්සන්නෙ නැතුව කකුල්වලට බර දීල උස්සන්න. කිලෝ පහට, දහයට වඩා වැඩි බර උස්සන එකත් කොන්දට හොඳ නෑ.

නිදාගන්න මෙට්ටයක් ගනිද්දි තරමක් තද මෙට්ටයක් ගන්න. ඒ වගේම නිදාගන්න යධ්ඩි ඔලුවට කොට්ට දෙක තුනක් තියල ඔලුව උස්සලා නිදාගන්න එක හොඳ නෑ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here