කොත්මලේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීම ගැන විශේෂ විමර්ශනයක්

0
4


කොත්මලේ, බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ඊයේ සිදු වූ වෑන් රථ අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව නුවරඑළිය පොලීසිය පවසනවා. 

එලෙස අනතුරට ලක් වූයේ බදුල්ලේ සිට නුවරඑළිය හරහා රාජාංගනය දක්වා  ධාවනය වූ වෑන් රථයක්. ගැරඬිඇල්ල බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබදව පිහිටි, බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදී අදාළ වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලුණේ ඊයේ පස්වරුවේයි. 

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 21 දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශී රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් 18 දෙනෙකු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවුණා. 

තුවාලකරුවන් අතර කුඩා ළමුන් කිහිපදෙනෙකු සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here