කොත්තමල්ලි කොළ චට්නි

0
9


අපි ටික දවසකට කලින්  dry herbs ගැන දැනුවත් කළා ඔබට මතක ඇති.  ඒ කාණ්ඩයට අයත් වෙන කොත්තමල්ලි කොළ වලින් සාදා ගන්න පුලුවන් චට්නි එකක් තමයි මේ.
අවශ්‍ය දේවල්:
  • කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ මේස හැදි 2
  • කුඩාවට කපාගත් මිංචි කොළ මේස හැදි 3
  • ගාගත් පොල් කෝප්ප 1
  • පොල් තෙල් තේ හැදි 2
  • සූදුරු තේ හැදි 1
  • සුදු ළූණු බික් 2
  • ඉඟුරු කෑල්ලක්
  • කඩල පරිප්පු මේස හැදි 2
  • සියඹලා ටිකක්
  • අමු මිරිස් කරල් 3
  • ලූණු තේ හැදි 1/2
  • වතුර කෝප්ප 1/2
  • පොල් තෙල් තේ හැදි 2
  • අබ තේ හැදි 1
  • කොත්තමල්ලි කොළ 5-6ක්
සාදාගන්නා ආකාරය:

භාජනයක් ලිප තබා තෙල් තේ හැදි 2 දමා රත් කරගෙන සුදු ළූණු, ඉගුරු, සූදුරු එක් කරගන්න. ඉන්පසු කොත්තමල්ලි කොළ හා මිංචි කොළ එකතු කරන්න. තෙම්පරාදු කර නිවෙන්නට තබන්න.

නිවුණු තෙම්පරාදු මිශ්‍රණයට ජලය, පොල්,ලුණු, සියඹලා, අමුමිරිස් එකතු කර බ්ලෙන්ඩර් කරන්න. එය පසෙකින් තබා ගන්න. භාජනයකට තෙල් දමා රත් කරන්න. එයට කරපිංචා කොළ, අබ දමා අබ පුපුරන තුරු  තබන්න. එය මුලින් හදා ගත් මිශ්‍රණය උඩින් දමා ගන්න.

dry herbs වලින් නිර්මාණය කරගත් මේ චට්නි එක බත්, රොටී, පාන් සමඟ ආහාරයට ගන්න පුලුවන්.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here