Saturday, May 24, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් කොතලාවල වෛද්‍ය පීඨයට මුදල් ගෙවා දේශීය සිසුන් බඳවාගැනීම නවතයි

කොතලාවල වෛද්‍ය පීඨයට මුදල් ගෙවා දේශීය සිසුන් බඳවාගැනීම නවතයි

0
4


kotelawala-medical-faculty-stops-paying-for-local-students

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා විදේශ ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා මැයි 22 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විවිධ පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීමට මැයි 21 වන දින ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ප්‍රසිද්ධ දැන්වීමේ වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්බන්ධ වගන්ති වල නිවැරදි කිරීමක් කළ යුතුව තිබෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් අමාත්‍යවරයා පැවසුවේ වෛද්‍ය පීඨයට ශිෂ්‍යයන් බඳවා ගැනීම මෙවර විදේශීය ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් සඳහා පමණක් අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.


මෙම තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විස්තර සහිත පැහැදිලි කිරීමක් ලබා දුන්නේ නැත.
මෙම ප්‍රකාශයට පෙර දින වන මැයි 21 වන දින පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුම අසලදී කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් පැවැත්විණි. විරෝධතාවේදී ශිෂ්‍යයන් රනිල් – කෙහෙළිය ගෙන ආ පෞද්‍ගලික වෛද්‍ය විද්‍යාල මගඩිය වහා නවතන ලෙසද, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතන ලෙසද, රජයේ සමස්ත සෞඛ්‍ය උපාධිධාරීන් කුසලතා පදනම මත බඳවා ගන්න ලෙසද ඉල්ලා සිටියහ.
විරෝධතාවේදී ශිෂ්‍යයන් පන්දම් දල්වමින් සිය විරෝධය ප්‍රකාශ කරන ආකාරයද දක්නට ලැබුණි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිය ප්‍රකාශයේදී “කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න තිබෙන” බවත් “2025 මැයි 21 වන දා වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීමට ප්‍රසිද්ධ දැන්වීමක් පළ කර ඇති” බවත් සඳහන් කළේය.


“ඒ අනුව එහි වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධව වගන්තිවල නිවැරදි කිරීමක් කළ යුතුව තිබෙන” බව පවසමින් අමාත්‍යවරයා “වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම මෙවර විදේශීය ශිෂ්‍යයින් සහ කැඩෙට් නිලධාරීන් සඳහා පමණක් අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇති” බව ප්‍රකාශ කළේය. මෙම තීරණය පසුපස උද්ඝෝෂණයේ යෙදුණ වෛද්‍ය පීඨ සිසුන්ගේ ඉල්ලීම් පිළිගැනීමක් පෙන්නුම කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here