කොටහේනේත් පොලිස් වෙඩිතැබීමක්

0
23


සටහන – රුවන් නෙළුගොල්ල

කොටහේන ප්‍රදේශයේදී ඊයේ (අප්‍රේල් 12) මධ්‍යම රාත්‍රියේදී පොලිස් වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

සැකසහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එම මෝටර් රථය අණ නොතකා පළාගොස් ඇති බවත් මට්ටක්කුලිය පොලීසියේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවේදී එම මෝටර් රථයට වෙඩිතබා ඇති බවත් පොලීසිය පවසයි.

අදාළ මෝටර් රථයේ රියදුරු පළාගොස් ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here