කොටහේනේ සිසුවිය මුහුණ පෑ සිද්ධිය ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

0
4


කොළඹ, දෙමළ මාධ්‍ය බාලිකා පාසලක 2024 වසරේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සම්බන්ධයෙන් එම පාසලේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 
 

ඒ අනුව එම විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් කටයුතු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ. 

මෙම සිද්ධියට අදාළ පොලිස් විමර්ශන වාර්තා කැඳවා ඇති අතර එය ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
 

කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම සිද්ධියට මුහුණ පෑ සිසුවිය මීට දෙසතියකට පමණ පෙර කොටහේන ප්‍රදේශයේදී සියදිවි හානි කර ගෙන තිබෙනවා. මෙම සිසුවිය පාසලේදී මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ගුරුවරයාට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් අද එම සිසුවිය ඉගෙනුම ලැබූ බම්බලපිටිය ප්‍රදේශයේ පාසල ඉදිරිපිටදී මව්පියන් පිරිසක් විරෝධතාවක ද නිරත වුණා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here