කොල්ලකා පලායමින් තිබූ මෝටර් රථයක් වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට කොටහේන පොලිසියේ නිලධාරීන් කටයුතු කළා.
රියදුරුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථය තුළ සිටියදි සැකකරු මෝටර් රථය පැහැර ගැනීමටයි උත්සහ දරා තිබෙන්නේ.
කොටහේන වාසල පාර ප්‍රදේශයේදී තම ගැබිණි බිරිඳ සහ මව සමග මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු එම රථයේ එන්ජිම පණගන්වා තිබියදීම ආහාර මිලදී ගැනීම සඳහා අසළ තිබූ අවන්හලක් වෙත ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී වෙනත් පුද්ගලයෙකු රියදුරුගේ බිරිඳ සහ මව මෝටර් රථය තුළ සිටියදීම පණගන්වා තිබූ එම රථය කොල්ලකා පලාගොස් තිබෙනවා.
විමර්ශන කටයුත්තක් සඳහා කැබ්රථයකින් කොටහේන පොලිස් වසමට පැමිණ සිටි මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට මෙම මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ඔවුන් වහාම ක්‍රියාත්මක වුණා.
පලා යමින් තිබූ මෝටර් රථය පසුපස ලුහුබැද ගොස් එය නැවැත්වීමට සංඥා කළද සැකකරු පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් රාජකාරී පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර කොටහේන බ්ලූ මැන්ඩල් දුම්රිය මාර්ගය අසළදී මෝටර් රථය නතර කර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවුණා.
නිලධාරීන් මෝටර් රථය අසළට යන අවස්ථාවේදීම සැකකරු මෝටර් රථයෙන් බැස පලාගොස් ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Saru FM Media