කොච්චිකඩේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය අසලදී සැකපිට අත්අඩංගුවගත් දෙදෙනා මුදාහරි

0
10


කොළඹ ,  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු  මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

වෙරළ බඩ පොලිසිය විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. 

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා තිබුණේ ඊයේ දින කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා  ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කළ බවයි. 

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නියෝග අනවශ්‍ය බවත් පොලිසිය අදිකරණයට දැනුම් දුන්නා. 

ඒ අනුව අදාළ සැකකරුවන්  මුදා හැරීමට අධිකරණය විසින් නියම කළා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here