කොකේන් තොගයක් ගෙනා අයෙකු අත්අඩංගුවට

0
13


රුපියල් කෝටි විසිහතරකට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා බ්‍රසීල ජාතිකයෙකු බවටයි රේගුව සඳහන් කරන්නේ.

බ්‍රසීලයෙන් මෙම කොකේන් තොගය ලබාගෙන ඇති අතර ඒවා කාඩ්බෝඩ් මත අලවා කළු පැහැති කඩදාසිවලින් ආවරණය කර ගමන් මළු තුළ සඟවා රැගෙන විත් තිබෙනවා.

ඔහු ළඟ තිබී කොකේන් කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 855 ක් සොයා ගැනුණා.

ඒවායේ වටිනාකම රුපියල් විසිහතර කෝටි තිස්ලක්ෂය ඉක්මවන බවයි රේගුව පවසන්නේ.

මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රේගුව මගින් කටුනායක ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here