මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ මිල දී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.
දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි, හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතයි.
කෙසේවෙතත්, විනිසුරු මහේන් වීරමන් සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම යෑමට නියමිත බැවින් ඔහු කමිටුවෙන් ඉවත් වන බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
විනිසුරු මහේන් වීරමන් මහතා විනිසුරු මඩුල්ලෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිල දී ගැනීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සැකකාර හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
Saru FM Media