කෙහෙල්බද්දර පද්මේගේ කොන්ත්‍රාත්තුවක් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

0
3


විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන කෝරාලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කර දීමට උත්සහකළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන ඒකකය කළ දීර්ඝ විමර්ශණයකින් අනතුරුවයි. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළිගාවත්ත හා ඇහැළියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. 

ඔවුන් බත්තරමුල්ල හා කොහුවල යන ප්‍රදේශවල ජායාරූපශාලා පවත්වාගෙන යන බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් කෙහෙල්බද්දර පද්මේගේ ජයාරූප වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වාගෙන ඒවා සංස්කරණය කර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කර තිබෙනවා. 

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ 2014 වසරේ ලබාගෙන තිබූ විදේශ ගමන් බලපත්‍රයකින් 2021 වසරේදී විදේශගතවී ඇති බවයි හෙළි වී ඇත්තේ. 

එම ගමන්බලපත්‍රය 2024 වර්ශයේදි කල් ඉකුත්වීම හේතුවෙන් ඔහු විදේශගතව සිටියදීම ඔහුගේ ජායාරුප හා විස්තර ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවය වෙත ඉදිරිපත් කර ඉකුත් වසරේදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව පොලීසිය පැවසුවා.

එමෙන්ම සැකකරුගේ ජායාරූපයට වෙනත් නම් දෙකක් යොදා මෙම වසරේදී තවත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක්ද සකස්කර ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 29 වෙනි දින දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here