ඕනාවට වඩා කෙට්ටු වීම යුවතියකගේ රූමත් කමට එතරම් හිතකර දෙයක් නෙවේ. ඉතින් මෙන්න මේ කේරල ප්‍රතිකාර එවැනි අයගේ පිහිටට ඉදිරිපත් වෙනවා.
ආයුර්වේදයට අනුව මෙවැනි අයට ආකාර තුනකට ප්‍රතිකාර සිදු කරනවා.
එළකිරි, අලුත් හාලේ බත්, ගිතෙල්, මුදවපු කිරි, උඳු පිටි, රට ඉඳි, උක් පැණි යොදා සකසන ලද ආහාර වර්ග, ධාන්‍ය වර්ග, මුන්කිරිබත්, වැනි ආහාර ඉතා වැදගත් වේ.
රට ඉඳි වල ඇට ඉවත් කර එතුළට එළඟිතෙල් පුරවා, මී පැණි මිශ්‍රිත බඳුනක දමා උදෑසන එම රට ඉඳි මදුළු 2, 3 ආහාරයට ගන්න. දියවැඩියා රෝගීන්ට සුදුසු නොවේ.
– ඉරේෂා –
Saru FM Media