කෘෂි හා කර්මාන්ත අංශ ඒකාබද්ධ කර ගනිමින් සමුපාකාර බැංකු පද්ධතියක් පිහිටුවීමට කොරියාවේ සහය…

0
10


කොරියානු ජනරජය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳව එරට තානාපතිනි Miyon LEE හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 02දා එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති සුප්‍රසිද්ධ කොරියානු සන්නාමවලට ලංකාවේ ආයෝජනය සඳහා ආරාධනා කළ අතර එම ආයෝජකයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛ රජය විසින් ලබාදෙන බවට සහතික විය. කොරියාවේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන Corporate Bank System (සමුපාකාර බැංකු පද්ධතිය) ඇගයීමට ලක්කළ ඇමත් සුනිල් හදුන්නෙත්ති, කෘෂි කර්මාන්තය හා නිෂ්පාදන කර්මාන්ත ඒකාබද්ධ කරගනිමින් එවැනි සමුපාකාර බැංකු පද්ධතියක් ලංකාවේ ස්ථාපිත කිරීමට කොරියානු ජනරජයේ සහාය ඉල්ලා සිටියේය.

එයට ඉතාම සුබවාදී ප්‍රතිචාර දක්වමින් කොරියානු ජනරජයේ තානාපතිනි Miyon LEE තම රටේ ක්‍රියාත්මක කරන සමුපාකාර බැංකු පද්ධතිය කොරියානු ආර්ථිකය වර්තමානයේ පවතින ඉහළ මට්ටමට ළඟා වීමට සුවිශේෂි සහයක් ලබාදුන් බවත් ශ්‍රී ලංකාවේද එවැනි බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව පැවසුවාය.
එසේම කොරියානු ජනරජයේ ඉලෙක්ට්‍රොනික උපාංග හා තොරතුරු තාක්ෂණික ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා රැගෙන ඒමට කැමැත්ත පළ කළ ඇය එම ක්ෂේත්‍රවලවල නිෂ්පාදන ලංකාව තුළ සිදුකර එම නිෂ්පාදන දකුණු ආසියානු වෙළඳපලට යැවීමේ අවස්ථාව පිළිබඳවද අවධානය යොමු කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා කොරියානු ජනරජ තනාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී Eunji Kang හා ඇමති සම්බන්ධීකරණ ලේකම් රසිදු මාරගල යන අය සහභාගි වූ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here