කුස්සියේ බඩු පිරිමහගෙන වැඩ කරමු..

0
12


පිරිමැස්ම ගැන නම් මේ කාලේ ගෘහණියන්ට කියලා දෙන්න කිසිම දෙයක් නැහැ .සියලුම දෙනා ආහාර පරිස්සමින් පාවිච්චි කිරීම ගැන ප්‍රායෝගිකවම අත්හදා බැලීමේ කාලයකට යටත්ව සිටිනවා වගෙයි. ඉතින් පිරිමසා ගැනීමේ සටනට මේ වෙලාවේ එළැඹ ඇති ඔබට මේ ලිපිය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

  • ඔබ සතුව තිබෙන බඩු ප්‍රමාණය කුමක්දැයි මුලින් හඳුනා ගෙන සිටින්න .
  • එයට අනුව meal plan එකක්  සකසන්න .
    නිවසේ භාණ්ඩ අතිරික්තයක් නැතිනම් මේ දිනවල අලුත් අත්හදා බැලීම්  කරන්නට යන්න එපා.
  • එළවළු මිලදී ගැනීමේදී  කල් තබා ගත හැකි එළවළු මිලදී ගන්න .
  • අලු කෙසෙල් ,කෙසෙල් මුව ,කරවිල ,අල ,වැනි දේ ගැඹුරු තෙලේ බැද සුළං නොවැදෙන ලෙස අසුරා තබා ගැනීමෙන් ගැනීමේ මාසයක පමණ කාලයක් තබා ගන්නට පුළුවන් .
  • ඔබට ගෙවත්තක් තිබෙනවා නම් එයින් ද ආහාර හොයා ගන්න පුළුවන් වේවි .නැත්නම් ඔබ ඉවත විසි කරන නිවිති දඬු ,කංකුං මුකුණුවැන්න ගොටුකොළ ලීක්ස් දඬු පැල කරන්ට පුළුවන් .සති කිහිපයකින් අස්වැන්න ත් ලැබෙනවා .
  • බත් ඉතිරි වූ විට පසුවදාට දිය බත් ,ඉතුරුම් බත් දොදොල්,ගැඹුරු තෙලේ බැදගෙන සීනි දමා ගැනීම,වේලා ගැනීමෙන් අග්ගලා , ආදී බොහෝ කෑම වර්ග සාදාගන්න ට හැකියාව තිබෙනවා.
  • දෙහි පාවිච්චි කිරීමෙන් පසු ලෙල්ල විසි කරන්නට එපා විසිකරන්නට එපා ලුණු දෙහි දමා ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here