කුවේට්හි සිටින ලාංකිකයින් ගැන නිරන්තර විමසිල්ලෙන් පසුවෙනවා – තානාපති

0
3

‍කුවේට් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්‍රි ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා පවසයි.

ඉරානය විසින් කුවේට් රාජ්‍යයේ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් කිසිදු ශ්‍රි ලාංකිකයකුට අනතුරක් සිදුව නොමැති බව ද තානාපතිවරයා සඳහන් කර සිටී.

මේ හේතුවෙන් කුවේට් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දී ඇත.

ලක්ෂිත රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළේ එරට රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය නිරන්තර විමසිල්ලෙන් පසුවන අතර කුවේට් ආරක්ෂක අංශ සමග ද සම්බන්ධ වෙමින් තොරතුරු සොයා බලමින් සිටින බවය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here