පොළොන්නරුව – බකමූණ, යාය 502 සිදු වූ අකුණු සැර වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, මෙම හදිසි අනතුර ඊයේ (28) පස්වරු 04ට පමණ සිදු ව ඇත්තේ මරණකරු තම කුඹුරේ වැඩ කරමින් සිටියදී බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි රංජිත් පෙරේරා නමැති දෙදරු පියෙක්.
අකුණු වැදීමෙන් පසුව ගම්මුන් එක් ව මරණකරු ව කඩිනමින් බකමූණ රෝහලට රැගෙන ගිය ද තත්ත්වය අසාධ්‍යය වූ බැවින් ඔහුව පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
එලෙස මාරු කර යවන විට ද එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.
Saru FM Media