කුංකුම වලින් ලස්සන වෙන හැටි දැනගමු

0
10


කුංකුම , එහෙමත් නැත්නම් සැෆ්‍රන් කියන්නේ ලෝකයේ වටිනාම කුළුබඩු වර්ගයයි. නමුත් කුංකුම භාවිතය ආහාර පිසීමට පමණක් සීමා වෙන්නේ නැහැ.එය විවිධ ආකාර වලින් භාවිත වෙනවා. ඒ ආකාර වලින් ජනප්‍රියම ආකාර දෙකක් ලෙස රූපලාවණ්‍ය කටයුතු සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සැලකෙනවා. කුංකුම හෙවත් සැෆ්‍රන් වලින් ලස්සන වෙන්නේ කොහොමද කියලයි අද අපි ඔබට මේ ලිපියෙන් කියන්නට සූදානම් වන්නේ.

වයස්ගත වීම වලක්වයි 

කුංකුම වල ප්‍රතිඔක්සිකාරක (Crocin සහ Safranal) වලින් පොහොසත් වන අතර එය විවිධ ආකාරවලින් සිදුවන හානි වලින් සම ආරක්ෂා කරයි. අස්ථායී අණු වන වලින් සමට ඔක්සිකාරක ආතතිය ඇති කළ හැකි අතර එමඟින් රැළි, සිහින් රේඛා සහ වයසට යාමේ වෙනත් සලකුණු ඇති කරනවා. කුංකුම වල ඇති ප්‍රතිඔක්සිකාරක මෙම අස්ථායි අණු උදාසීන කරමින් සමට තරුණ හා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.

සම පැහැපත් කරයි 

කුංකුම වල විටමින් සී (ඇස්කෝර්බික් අම්ලය) අඩංගු වන අතර එය සමේ පැහැය වැඩි දියුණු  කිරීමට උපකාරී වෙනවා . එය ටයිරොසිනේස් එන්සයිමය මර්දනය කරන අතර මෙලනින් සෑදීම අඩු කරමින් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. 

පිග්මන්ටේෂන් සඳහා ප්‍රතිකාර කරයි 

කුංකුම වල අඩංගු වන විටමින් සී වල සුව කිරීමේ ගුණයද අඩංගු වනවා. එමගින් පිග්මන්ටේෂන් ඇති වීම පාලනය කරන අතර හිරු එළිය නිසා ඇතිවන හයිපර්පිග්මන්ටේෂන් මැඩ පැවැත්වීමටද උපකාරී වනවා.ඒ වගේම සමේ බාධක ( Skin barrier ) ශක්තිමත් කිරීම කුංකුම මගින් සිදු කරන අතර පාරිසරික හේතු නිසා සම මත ඇතිවන වර්ණ වෙනස්කම් අවම කරනවා.

සමට තෙතමනය ලබා දෙයි 

කුංකුම ස්වභාවික තෙතමන කාරකයක් වන අතර එය සමේ තෙතමනය සහ මෘදු බව පවත්වා ගැනීමට සහාය වනවා.කුංකුම වල අඩංගු වන විටමින් සහ ඛනිජ ලවන මගින් සම පෝෂණය කරන අතර වියළි බව සහ සම කැසීම වළක්වනවා.

ඇස් වටා අඳුරු බව නැති කරයි

ඇස් වටා ඇතිවන අඳුරු කව සහ ඉදිමුණු ස්වභාවය නැති කිරීම සඳහා භාවිතා කරන ස්වභාවික අමුද්‍රව්‍ය අතරින් කුංකුම හෙවත් සැෆ්‍රන් ඉහළම ස්ථානයක් ගන්නවා. එමගින් ඇස් වටා රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන අතර එමගින් ඇස් වටා ඉදිමුණු ස්වභාවය සහ අඳුරු කව අඩු කිරීම සිදු කරනවා.

Saffron and milk face mask

සැෆ්‍රන් රේණු කිහිපයක් ගෙන මද උණුසුම් කිරි ස්වල්පයකට එකතු කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න.

එයට මී පැණි තේ හැන්දක් එකතුකර හොඳින් මිශ්‍ර කර ගන්න.

මෙම මාස්ක් එක පිරිසිදු කර ගත් ඔබේ මුහුණේ සහ ගෙල ප්‍රදේශයෙහි ඒකාකාරීව ආලේප කර විනාඩි තිහක පමණ කාලයක් තිබෙන්නට හරින්න

මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ටෝනර් එකක් ආලේප කරන්න

Saffron and yogurt face mas

සැෆ්‍රන් රේණු කිහිපයක් ගෙන හොඳින් කුඩු කර ගන්න

සාමාන්‍ය යෝගට් මේස හැඳි දෙකකට එම සැෆ්‍රන් රේණු කුඩු මිශ්‍ර කරන්න

මෙම ෆේස් මාස්ක් එක ඇස් වටා හැර මුහුණේ සහ ගෙල ප්‍රදේශයෙහි ඒකාකාරීව ආලේප කරන්න

විනාඩි විස්සකට පසුව සිසිල් ජලයෙන් සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න 

Saffron Water 

භාජනයකට වතුර කෝප්ප දෙකක් එකතු කර එයට සැෆ්‍රන් රේණු තරමක ප්‍රමාණයක් එකතු කරන්න

දැන් මෙම වතුර විනාඩි දෙකක් හෝ තුනක් හොඳින් උතුරවා ගන්න

භාජනය ලිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න

සකස් කරගත් saffron water ඉසින බෝතලයකට භාවිතා කර ටෝනර් එකක් ලෙස භාවිතා කරන්න

Saffron and rose water

රෝස වතුර කෝප්ප එකකට සැෆ්‍රන් රේණු 10 – 15 එකතු කර මිශ්‍ර කරන්න

මෙය පැය කිහිපයක් හෝ එක රැයක් තිබෙන්නට හරින්න

ඉන්පසුව මිශ්‍රණය පෙරා සැෆ්‍රන් රේණු ඉවත් කර ගන්න 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here