කීරි සම්බා හිඟයට සහ වැඩි මිලට කිරි සම්බා අළෙවි කිරීමට විසඳුම් ලෙස පොන්නි සම්බා ආනයනයට කැබිනට් අනුමැතිය

0
5

කීරි සම්බා හිඟයට සහ වැඩි මිලට කිරි සම්බා අළෙවි කිරීමට විසඳුම් ලෙස පොන්නි සම්බා ආනයනයට  කැබිනට් අනුමැතිය

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද  (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා කීවේය.
මේ වනවිට දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අළෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, 2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා එක් ආනයනකරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව මෙම සහල් ආනයනය සිදුකිරීමට නියමිත බව ඒ මහතා කියා සිටියේය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000ක් බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය 10%ක් වන අතර එනම් මෙට්‍රික්ටොන් 246,000ක් පමණ වන බව ඇමැතිවරයා පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here