කෑම රුචිය වඩවන පානයක්

0
4

රුබාබ් බීම

රුබාබ් කියන්නේ උඩරට පෙදෙස් වල වැවෙන එළවළුවක්. මේ එළවළුව ව්‍යංජන වලට වගේම අතුරුපසටත් ඉතාමත්ම කදිමයි. ඇඹුල් රසයකින් යුතුයි. විටමින් සී වලින් බහුල රුබාබ් වලින් සාදා ගත හැකි පානයක් තමා අද අප මේ ගෙන එන්නේ …

අවශ්‍ය ද්‍රව්‍ය:
රුබාබ් අඟල් 6 ප්‍රමාණයේ දඬු 3
වතුර අඬු කෝප්ප 3
සීනි තේ හැඳි 2
ලුණු තේ හැඳි බාගයක්
අයිස් කැට 3

සාදන  ක්‍රමය:

රුබාබ් කුඩා කැබලි වලට කපා ගන්න. උණු වතුරේ දමා තම්බා ගෙන වතුර පෙරා පොත්ත ඉවත් කරන්න. බ්ලෙන්ඩරයට දමා වතුර, ලුණු, සීනි අවශ්‍ය පදමට දමා බ්ලෙන්ඩ් කර පෙරන්න. අයිස් කැට එකතු කර පිළිගන්වන්න.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here