අයියෝ මොනවද මේ උයලා තියෙන්නේ ? කාටද මේවා කන්න පුළුවන් ? කඩේ කෑම කොච්චර රසද? මේ වගේ මැසිවිලි ඔබට අඩුවක් නැතිව ඇති සමහර විටෙක. බොහෝ විට මේ චෝදනා එන්නේ සැමියාගෙන් හෝ වැඩිහිටියන්ගෙන්. සමහර විට වරද ඔබේ නොව ඔවුන්ගේද වෙන්න පුළුවන්.
ලුණු කියන්නේ කෑමට ඇතුවත් බැරි අමුතුම කෑමක්. ඉතින් වැඩිපුර ලුණු රසට ඇබ්බැහි වුණු කෙනෙකුට කෑමවල රස දැනෙන්නේ හරිම අඩුවෙන්.
රස දැනෙන රසාංකුර තියෙන්නේ දිවේ. ඉතින් හොඳින් රස දැනෙන්න නම් නිරෝගී දිවක හිමිකරුවෙකු වෙන්නත් ඕන. රසංකුර හොඳින් ක්‍රියාත්මක වීමට නම් දිව මතුපිට පිරිසුදු විය යුතුයි. විශේෂයෙන්ම දිව මතුපිට ඇති බැක්ටීරියා ඉවත් වෙනතුරු හොඳින් දිව මැදිය යුතුයි.
දුම් පානය කරන අයගේ සාමාන්‍ය පුරුද්දක් තමා උයන කෑම රස නැහැ කියා බිරිඳට දොස් පැවරීම. දුම් පානය කරන්නන්ගේ රසාංකුරවල ඇති ස්නායු වගේම නාසයේ සුවඳ දැනෙන ස්නායු ද අවහිර වෙනවා.
බුලත් විට කෑමට ඇබ්බැහි වී සිටින අයටත් සිදුවන්නේ ඉහත සඳහන් කල ආකාරයේම දෙයක්. ඉතින් ඒ නිසා ගඳ සුවඳ මෙන්ම රසද දැනෙන්නේ නැහැ.
දිවේ සහ ආහාර ගන්නා පුද්ගලයාගේ නිරෝගීතාව පමණක් නෙවෙයි. කෑම හදන ආකාරයේ වෙනසත් රසයට බලපාන ප්‍රධානම කරණය බව ඔබ දන්නවා. ඒ නිසා විවිධ ආහාර වට්ටෝරු අත්හදා බලන්නත් අමතක කරන්න එපා.
– ඉරේෂා –
Saru FM Media