කෑම මේසය සරසන්න Deviled egg හදමු.

0
4

අවශ්‍ය දේවල්:
  • හොඳින් තම්බා කටුව ඉවත් කළ බිත්තර
  • මයෝනීස් මේස හැඳි  2
  • අබ ක්‍රීම් තේ හැඳි 1
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • ලුණු සහ ගම්මිරිස් රස අනුව
  • කුඩාවට කැපූ ළූණු කොල මේස හැඳි 2
සාදාගන්නා ආකාරය.

මුලින්ම බිත්තර දිග අතට කපාගන්න.

ඉන්පසු කහමද වෙන් කරලා භාජනයකට දාගන්න.

ඉන්පසු කහමද, මයොනීස්, ලුණු සහ ගම්මිරිස්  සමඟ කලවම් කරන්න.

ඉන්සු කේක් අයිස් කරන පයිපින් බෑග් එකකට මේ මිශ්‍රණය දමා  බිත්තර සුදු මද වලට මිරිකා ගන්න.

අන්තිමටම, මිරිස් කුඩු සහ ළූණු කොල ටිකක් උඩින් ඉස සරසා ගෙන කෑම මේසයට තබන්න.

-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here