කෑම නොකන පොඩ්ඩන්ට

0
21


සැන්ඩ්විච් කියන්නේ පාසැල් යන දරුවන් සිටින අම්මලා අතර ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක්. ඉතින් හැමදාම එකම රසයකින් ඒකාකාරිත්වයකින් තොරව වෙනස් වෙනස් රසයන්ගෙන් ඔබේ පුංචි දඟයාගේ කෑම පෙට්ටිය පිරෙව්වොත් එය ඔවුනට පමණක් නෙවෙයි. ඔබටත් මහත් සතුටක් වේවි. මොකද දරුවා  කෑම පෙට්ටියේ කෑම කිසිවක්ම ඉතිරි කරන්නේ නැතිව කෑවම එහි සතුට විඳින්නේ ඒවා ආදරයෙන් සකස් කළ අම්මා නිසා.

තල ඇට ඉස්සන් සෙසම් ප්‍රෝන්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පිරිසුදු කරගත් ඉස්සන් ග්‍රෑම් 100
  • පාන් පිටි ග්‍රෑම් 50
  • බී ළුණු ග්‍රෑම් 50
  • ගම්මිරිස් තේ හැඳි 1
  • බිත්තර 2
  • පාන් පෙති 4
  • දෙහි ගෙඩි 1
  • බටර් ස්වල්පයක්
  • දියලුණු රස අනුව
සාදා ගන්නා ආකාරය:

දෙහි ලුණු ගම්මිරිස් දමා ඉස්සන් තම්බා ගන්න. තැම්බූ ඉස්සන් කොටස් දෙකකට වෙන් කර එක කොටසකට තල ඇට, බිත්තර සහ ලුණු ස්වල්පයක් දමා හොඳින් අඹරා තවරුමක් ආකාරයට සකසා ගන්න. ඉන්පසු ඉතිරි ඉස්සන් කොටස සිහින්ව කැපු බී ළුණු, ගම්මිරිස්, ලුණු දමා එළවලු තෙල් වලින් තෙම්පාරදුවක් සකසා ගන්න. පාන් ටෝස්ට් කර බටර් ගා ගෙන, පාන් පෙති දෙකක් මත අතුරා ඉතිරි පෙති දෙකෙන් වසා වාටි කපා මුලින් සාදා ගත් තැවරුමෙන් සම්පුර්ණයෙන්ම සැන්ඩ්විච් දෙකම ආවරණය කර, ගැඹුරු තෙලේ මිනිත්තු 3 පමණ බැද ගන්න. බැදගත් සැන්ඩ්විච් ත්‍රිකෝණාකාර හැඩයට කැපු විට අලංකාර ත්‍රිකෝණාකාර සැන්ඩ්විච් හතරක් ඔබට ලබා ගත හැකිය.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here