කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්

0
8

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මත්තමගොඩ, පලෝවිට ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කෑගල්ල දෙස සිට ගමන් කරන ලද යතුරුපැදියක්, අවිස්සාවේල්ල දෙස සිට පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන දෙදරු පියෙකි.

ඔහු විදේශගතවීමට අවශ්‍ය කරන ලිපි ලේඛන සූදානම් කර යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවද සඳහන්  වේ.   

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණය රුවන්වැල්ල පොලීසිය විසින් සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here