කැබ් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙයි – දෙදෙනෙකු ජීවිතක්ෂයට

0
17


අද(15) අලුයම් කාලයේදී කුරුණෑගල – දඹුල්ල A-6 මාර්ගයේ කුරුණෑගල උතුරු ඩිපෝව අසලදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී අනතුරක සිදුව තිබෙනවා .

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන් ගත් දෙදෙනෙකු හා යතුරුපැදියේ පැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී ත්‍රිරෝද රථයේ රියදුරු හා පසුපස අසුනේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ .

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 43 වයස්වල පසුවන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා .

අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව රිය පදවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here