කැපුවම මදි කියන දුන්නම එපා කියන මලල ක්‍රීඩා සංගමය

0
4


නිශ්මං රණසිංහ මැයි 19, කොළඹ LNW:

පසුගිය දිනවල දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට කණ්ඩායම තේරිමේදී හර්ෂ කරුණාරත්න නොතේරීම පිළිබඳ සංවාදය ඇතුළේ මතු වූ ප්‍රධාන ප්‍රශ්නයක් වූවේ එවැනි නොතේරීම්වලට ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ලබා දෙන ප්‍රතිපාදන සීමා වීම බල පෑ බවයි.එම කතාව සම්පූර්ණයෙන් බැහැර කරන්නට නොහැකිය.ක්‍රීඩා අමාත්‍යංශයද බැහැර කළේ නැත.

දැන් අලුත්ම ගැටළුව මතුව ඇත්තේ ආසියානු සූරතාවලිය සම්බන්ධයෙන්ය.එහිදී ශ්‍රී ලංකාවේ මීටර් 100 පිරිමි සහය දිවිමේ කණ්ඩායම තෝරා ගෙන සිටියත් ඔවුන් සහභාගි නොකරන බව පැවසෙන්නේය.මෙහි පුදුමයට කරුණ එය පවසන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් වීමය.

මේ ක්‍රීඩකයින් තෝරා ක්‍රීඩා අමාත්‍යංශයේ ආධාර යටතේ මාස කිහිපයක්ද පුහුණුවීම් කළ පසු මේ ආකාරයට එම කණ්ඩායම සහභාගි නොකරන බවට හේතු ලෙස කියන්නේ මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම මැත කාලීනව ජාත්‍යන්තර මට්ටමේදී ලැබුණ අවස්ථාවේදි යහපත් ප්‍රතිපල නොපෙන්වීමය.

එහිදී ශ්‍රී ලංකාවේ සුපිරිම මීටර් 100 ක්‍රීඩකයා යුපුන් අබේකෝන් සිය උපරිම තලයට ළඟා නොවී සිටිය බව දැක ගන්නට හැකි විය.එය ඔහුගේ සහය දිවීමේ සහභාගීත්වයේදී පමණක් නොව තනි ඉසව්වේදී ද පැහැදිළිව දැක ගන්නට ලැබිණ.මේ තත්ත්වය මත සහය දිවීමේ කණ්ඩායම ඉවත් කරන්නට මේ තරගයට යුපුන් සහභාගි නොවන බවට ද ඇතැම් පුහුණුකරුවන් හරහා ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව ද ක්‍රීඩා අමාත්‍යංශයටද සැළ වී ඇත.ඒ මේ සහය දිවීමේ කණ්ඩායම නැවත්වීම සඳහාය.

ඉතා ලාබාල ක්‍රීඩකයින් පිරිසක් යුපුන්ට පසුව පෙළ ගැසී සිටින තත්ත්වයක් තුළ මේ කණ්ඩායමට අවස්ථාවක් හිිමි වීම වැදගත් බව අමාත්‍යංශයද විශ්වාස කරන තත්ත්වයක් තුළ එක් ක්‍රීඩකයෙකුගේ අපහසුතාවයක් පදනම් කර ගනිමින් අන් කිසි ක්‍රීඩකයෙකුට සහභාගි වීමට නොදෙන බව පුහුණුකරුවෙකුද ප්‍රචාරය කරමින් යන බවට ද සාක්ෂි ඇත.එසේම ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ජාතික ක්‍රීඩා සභාවේ ආශිර්වාදය ඇතුව පුහුණුව ලබපු මේ කණ්ඩායමට එකතු වීමට පැමිණි ඇතැම් ක්‍රීඩකයන්ට මලල ක්‍රීඩා සංගමයේ නිලධාරිණියක වීසා ලබා ගැනීමේ ඉඩ ඇහිරීමේ තත්ත්වයක් ද චෝදනා ලෙස ඉදිරිපත් වී ඇත.

කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යංශයට ද මුදල් ප්‍රතිපාදන නොදීම නිසා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට යාමට ප්‍රමාණවත් පරිදි ක්‍රීඩකයින් නම් කිරීමට නොහැකි වූ බව කී මලල ක්‍රීඩා සංගමය මාස කිහිපයක් පුහුණුවීම් සිඳු කර එයට ද මුදල් වැය කර තිබියදී අදට වඩා හෙටට වැදගත් ක්‍රීඩකයින් පිරිසක් නියෝජනය කරන මීටර් 100 පිරිමි සහය දිවීමේ කණ්ඩායම අත්දැකීම් සඳහා හෝ ඉදිරිපත් කිරීමට කල්පනා නොකිරීම කණගාටුවට කරුණකි.ඒ වෙනුවෙන් ඇතැම් පුහුණුකරුවන්ම යොදා ගෙන මේ කණ්ඩායමේ මානසිකත්වය පහත හෙළීමට ගොතමින් සිටින කරුණු ද හිරිකිත උපදවන තත්ත්වයකි.

ක්‍රීඩකයින් වීසා වියදමද අතින් දරා ගෙන සංචාරය වෙනුවෙන් සූදානම් වී මාස කිහිපයක සිට පුහුණුවීම්වල නිරතවෙමින් සිටියදී කුමන හෝ ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකුගේ සහභාගීත්වය සිඳු නොවන නිසා මෙම මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නවතාලීමේ උනන්දුවක් ඇති වී ඇත්තේ කාටද යන්න විමසිල්ලෙන් සොයා බලා ක්‍රියාත්මක කළ යුතුය. මෙම කප්පාදුව ක්‍රීඩකයා හෝ ක්‍රීඩාව පැත්තෙන් ගනු ලැබූ තීරණයක් නොවිය හැකිය.එය වෙනම මට්ටමක යෂ්ඨි හුවමාරුවක බල උවමනාවන් මත ගනු ලැබූ එකක් විය හැකිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here