නාස්තිකාර වියදම් කපා හරිමින් ජනාධිපතිවරයාගේ සිට දී තිබෙන ආදර්ශය පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන් දක්වා ද ක්‍රියාත්මක කිරීමේ චක්‍ර ලේඛන නිකුත් කර තිබේ.
ඒ අනුව, අමාත්‍ය ලේකම්වරයෙකුට මාසයක් සඳහා හිමි වන ඉන්ධන ලීටර් 220ක ප්‍රමාණය දක්වා පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ ඉන්ධන ප්‍රමාණය ද සීමා කර ඇත. නියෝජ්‍ය මහ ලේකම්වරයාට මාසයක් සඳහා ලීටර් 165ක් ද, සහකාර මහ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හට ලීටර් 135ක් මහ ලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරියට ලීටර් 115ක් දක්වා අඩු කර තිබේ.
අදාළ චක්‍රලේඛය පසුගිය 07 වෙනි දින නිකුත් කර ඇති අතර, එය මෙම මස 02 වෙනි දින සිට ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර ඇත.
Saru FM Media