කැනඩාවේ පාසලක සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය ගණන ඉහළට

0
3

කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදුකර තිබූ  වෙඩි තැබීමෙන් මියගිය ගණන සැකකරු ඇතුළුව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් සහ පාසලේ සිටි 7 දෙනෙකු මියගොස් ඇති අතර මෙම ප්‍රහාරයට සම්බන්ද බවට සැක කෙරෙන දෙදෙනෙකුගේ සිරුරු පාසල අසල නිවසක තිබීයදී සොයාගෙන ඇත.

එමෙන්ම සැකකරුගේ සිරුරද පාසලේ ගොඩනැගිල්ලක තිබී හමු වූ බවත් ඔහු සියදිවි නසාගෙන ඇති බවට තහවුරු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

සිද්ධියෙන් තවත් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී පාසල තුළ සිසුන් රැසක් සිට ඇති අතර, සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ විසින් පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන් වටලා ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here