2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ කැනඩාව සමඟ පැවැත්වෙන තරගයේ දී ප්රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව ලකුණු 213ක් හිමිකර ගැනීමට සමත්විය.
ඒ අනුව ජයගැනීම සඳහා කැනඩා කණ්ඩායමට ලකුණු 214ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩාව ප්රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහර දුන් දකුණු අප්රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 213ක් වාර්තා කළේය.
තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් හිදීය.
Saru News










