සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්රිකට් තරගය පන්දුවාර 17කට සීමා කර තිබේ.
ඒ, පැවති වර්ෂාවත් සමඟ තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවීම හේතුවෙනි.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
මෙම තරගය රාත්රී 08.40ට ආරම්භ කිරීමට නියමිතව ඇත.
Saru News










