කාලයත් මුදලුත් අපතේ නොයවා පෞද්ගලික උසස් අධ්‍යාපනය ලබන්නේ මෙහෙමයි

0
10


උසස් අධ්‍යාපනයට යොමු වීමට ලංකාවේ තරුණ ප්‍රජාව තුළ මහත් උවමනාවක් තියෙනවා. එය ඉතාම හොඳ ප්‍රවණතාවයක්. නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට සුදුසුකම් නොලැබූ ඔබ උසස් අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීම ඉතාම සැලකිලිමත් විය යුතුයි.

මෙහි පාඨමාලාවලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන්නේ එහි නිශ්චිත NVQ මට්ටම සහිතව ලියාපදිංචි වී ඇත්නම් පමණයි.මේ යටතේ හදාරන සහතික පත්‍ර , ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා වටිනාකමක් සහිත ඒවා වනවා

ඔබ යම් ආයතනයකට මුදල් ගෙවීමට පෙර එය TVEC (NVQ යටතේ ලියාපදිංචි වී ඇතිදැයි) සමඟ පරීක්ෂා කරලා තහවුරු කර ගැනීම හරිම වැදගත්. නැත්නම් ඔබගේ මුදල් මෙන්ම කාලයද අපතේ යන්නට ඇති ඉඩ ඉතාම වැඩියි.

පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සම්බන්ධ අත් පොත සහ විශ්ව විද්‍යාල ජාත්‍යන්තර අත්පොත මෙහි පවතිනවා.

 UGC යටතේ ලියාපදිංචි වූ දේශීය උසස් අධ්‍යාපන ආයතනයක හෝ ඔවුන් විසින් පවත්වනු ලබන පාඨමාලාවල නිතිපතා නියාමනය,අධීක්ෂණය ,විගණනය,සත්‍යතාව සොයා බැලෙන්නේ අඩුවෙන්.UGC විසින් අනුමත කරන හෝ පිළිගත්  දේශීය උසස් අධ්‍යාපන ආයතන විසින් පවත්වනු ලබන පාඨමාලා ලැයිස්තුගත කිරිමක් කරන්නේ නැහැ.

එබැවින් යම් පාඨමාලාවක් සිදු කිරීමට පෙර එම පාඨමාලාව කිරිමට අවශ්‍ය ලේඛනමය සාක්ෂි විමසීම සිසුන්ගේ වගකීමක්. ඔබ තෝරාගත් දේශීය උසස් අධ්‍යාපන ආයතනයට විශ්ව විද්‍යාල පාඨමාලා පැවැත්වීමට ලිඛිත අනුමැතිය ඇතිදැයි සොයා බලන්න.ඔබේ පාඨමාලා ඇරඹෙන කාල සීමාව සඳහා ලේඛන වලංගු දැයි පරීක්ෂා කරන්න.

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විසින් පවත්වනු ලබන  උසස් ඩිප්ලෝමා හෝ ඩිප්ලෝමා හෝ සහතිකපත්‍ර පාඨමාලා UGC විසින් අනුමත කිරීමක් නොවෙන අතර පාඨමාලා සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන්නේ එය TVEC හි NVQ (නිශ්චිත NVQ මට්ටමක් සහිතව) යටතේ ලියාපදිංචි වී ඇත්නම් පමණයි.

නිසි ලිපිලේඛන ලබා නොදෙන්නේ නම් සැලකිලිමත් වෙන්න.

 ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් විශ්වවිද්‍යාලය , මණ්ඩපය, පීඨය හෝ පිළිගත් විශ්ව විද්‍යාලය යනාදී ලෙස නම් යොදාගැනිමට සීමාවක් පනවා නොමැති අතර ඕනෑම අයෙකුට එය නිදහසේ එම නම් භාවිතා කිරිමට හැකියාව ඇත. එබැවින්, විශ්ව විද්‍යාලයක් හෝ මණ්ඩපයක් හෝ පීඨයක් ලෙස නම් කර ඇති එවැනි උසස් අධ්‍යාපන ආයතනයක් ඔබ සොයා ගන්නේ නම්, වැඩි විස්තර සොයා ගැනීමට සහ එවැනි තොරතුරුවල සත්‍යතාවය තහවුරු කිරීමට ඔබට අමතර සැලකිල්ලක් දැක්විමට සිදුවනු ඇත.

ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකට අනුබද්ධ බව පැවසීම. මේවා විශාල වශයෙන් රැගෙන යන “මාකටිං” මිස සත්‍ය වීමට ඇති ඉඩ අඩු නිසා අදාළ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය පරීක්ෂා කර බලා තීරණයකට එළඹෙන්න.

උසස් අධ්‍යාපනය බොහෝ විට සිදු කරන්නේ දෙමාපිය මුදලින්. ඔවුන් සහ ඔබ විශාල බලාපොරොත්තු සහිතව ඒ මාර්ගයට අවතීර්ණ වන බව පැහැදිලි සත්‍යයක්. ඒ නිසා ඒ මාර්ගයේ ප්‍රවේසම් සහගතව ඇවිද යන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here