කාලය මෙන්න මේ විදියට කළමනාකරණය කලොත් නරකද?

0
13


අපි හැම දෙනාම කාලය මනින්නේ ඔරලෝසු පැය අනුවයි. ඒත් සමහර උදවිය අනේ…අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියද්දී තවත් සමහර අය හිතාගන්න බැරි  විදිහට කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද? ඉස්සර අපි කාලය රන් හා සමානයි කියපු අදහස වුනත් දැන් වෙනස් වෙලා තියෙන්නේ රත්තරන් උපයා ගැනීමට පුලුවන් වුනත් කාලය නැවත කිසිම දිනක ලබා ගැනීමට නොහැකි වීම නිසයි.එහෙමනම් අපි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද…?

ඔබ ගැන ඔබට වඩා දන්නා කෙනෙක් නැත. ඒ නිසා ජීවිතය දෙස ආපසු හැරී බලන්න. ඔබෙන් කාලය මොනතරම් නාස්ති වුනාදැයි ඔබටම සිතා ගත හැකියි. එයින් නවතිනන් එපා. කාලය අපතේ නොයවා උපරිම ලෙසින් ප්‍රයෝජන ගැනීමට එතැන් පටන් අනන්දු වෙන්න.

අද බොහෝ දෙනා දිනපොත් භාවිතා කරන්නේ වෙනත් සටහන් සහ දුරකථන අංක පිළිබඳව සටහන් තැබීමට වුනත් දිනපොතක් මගින් ඉතා සාර්ථක ලෙසින් වැඩ සැලසුම් කර ගත හැකියි. බොහෝ වැදගත් දේ අපට නොදැනීම අමතක වෙන්නේ ඒ ගැන අවධානයක් නොදැක්වීම නිසා බැව් ඔබ නොදන්නවා විය හැකියි. එහෙත් දිනපොතක් භාවිතා කරන්නේ නම් එයින් ඔබ නොදැනම හෙට දිනය සැලසුම් සහගත වෙනු ඇත.

ඔබ දවසේ කරන වැඩ වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙන්න. අත්‍යවශ්‍ය, අවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන දේ අතරින් අතයවශ්‍ය දෙයට මුල් තැන දෙන්න. අනවශ්‍ය දේ වෙනුවෙන් එතරම් වැදගත්කමක් නොදුන්නත් , කාලය අනුව ඉඩක් ඇ‍ත්තේ නම් ඒ වෙනුවෙන්ද යොමු වීම වරදක් නැත.

ජීවිතය සැලසුම් කිරීමට නම් ඔබ දවස සැලසුම් කිරීම ඉතාම වැදගත්. දවස සැලසුම් නොකොට ජීවිතය සැලසුම් කිරීම එතරම් සාර්ථක කටයුත්තක් නොවේ. මේ නිසා දවස වෙනුවෙන් කාලසටහනක් පිලියෙල කරගන්න. ඒ අනුව ඔබගේ කටයුතු නොදැනීම සැලසුමකට සහ පිළිවෙලකට සිදු වෙනු ඇත.

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් ඒ වෙනුවෙන් ක්‍රමෝපායන් සොයා ගන්න. එකතැන තිබෙන පෝළිමකට වඩා ගමන් ගන්නා පෝලිමක සිටින විට කාලය ඉතිරි කර ගැනීම පහසුය. ඒ නිසා දිගු පෝලිමක නැවතී සිටිනවාට වඩා පෝලිම ගමන් ගැනීමට පටන් ගන්නා කාලය, පෝලිම එතරම් දිගු නොවන අවස්තාවන් ගැන දැන හැදින ගැනීම ඉතා වැදගත්. නරගයට යන්නේ නම් කටයුතු දෙක තුනක් එකම දිනයකදී කර ගැනීමට හැකි පරිදි සැලසුම් සකස් කර ගන්න.

දවස ගෙවී ඔබ නිදාගන්නනට ගිය විට එදා දිනය ගැන ආපස්සට හැරී බලන්න. ඔබ නිකරුනේ මොන තරම් වේලාවක් කාලය ගත කළාද…? යම් කාර්යක් වෙනුවෙන් අනවශ්‍ය ලෙසින් කාලය මිඩංගු වුනාද….? මෙවැනි දේ පිලිබඳව ඔබටම තක්සේරුවක් ගොඩ නගා ගැනීම එතරම් අපහසු නැත. එසේ ගොඩ නගා ගත් තක්සේරුවට අනුව දවස ගෙවුන ආකාරයේ තිබෙන දුර්වලතාවයන් හෙට දිනයේ ඇති නොවන්නනට වග බලා ගැනීම අපහසු නැත.

අපේ ජීවිතයෙන් තුනෙන් එකක් පමණ කාලයක් අපි ගෙවන්නේ නින්දටයි. බොහෝ දෙනෙක් නින්දට බෙහෙවින් ඇලුම් කරති.නීරෝගී පුද්ගලයෙකුට දිනකට පැය පහක පමණ නින්දක් ප්‍රමාණවත් බව අපි දනිමු. බොහෝ දෙනෙක් උදේ අවදිවීමට දක්වන්නේ ඉතාම උදාසීනතාවයකි. උදෙන්ම අවදි වූ විට දවසේ කටයුතු වෙනුවෙන් ඇති වෙන්නේ ඉතාම උද්‍යෝගයකි. එම ජවය දවස පුරාම පවතින බැවින් ඔබ දවස උදෙන්ම ආරම්භ කරන්න. එවිට දවස ඉතාම ඵලදායී ලෙසින් ගත කළ බවට එබේ හිත ඔබටම සහතික වෙනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here