මතුගම අඟලවත්ත මාර්ගයේ දෙල්ගස් හන්දිය ප්රදේශයේ මාර්ගය අසල ඇති කාණුවක තිබී පුද්ගල මළසිරුරක් හමු වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වන මිරිස්වත්ත, ඉත්තෑපන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය සඳහන් කළේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මතුගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Saru News










