“ක්ලීන් ශ්‍රී ලංකා” නාගරික වනාන්තර ව්‍යාපෘතිය කැලණි පාලම අසලින් ඇරඹේ!

0
12


අද (30) පෙරවරුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ විය.

අදට (30) යෙදී ඇති ශුන්‍ය අපද්‍රව්‍ය දිනයට සමගාමීව,සීමාසහිත කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයට අයත් එස්-ලෝන් ලංකා පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරන “තුරු කැපකරු” ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ වෙමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි. 

ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳ සිටියි. 

ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පැල ආරක්ෂා කොට  රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.’

ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීමද මෙහිදී සිදු විය.

ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමග එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක්ද (APP) හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.

මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ  මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවයි.

මෙතෙක් පැවතී සියලු රජයන් විවිධ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කළද එය කෙතරම් දුරට සාර්ථක වුවාද යන්න ගැටලු සහගත බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ජනතා සහභාගීත්වය සහිත වැඩසටහනක් බැවින් මෙම වන වගා ව්‍යාපෘතියද ඉදිරියේදී තිරසර ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බව සඳහන් කළේය.

මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක්ව සිටි  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ හරිත නගර සංකල්පය සමඟ අද නාගරික වනාන්තර පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති බවයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here