ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු සුජීව නිශ්ශංකත් ඉවත්වෙයි

0
11


ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව විභාග කරන විනිසුරු සුජීව නිශ්ශංකද එම නඩු විභාගයෙන් අද (27) ඉවව තිබේ.
මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න එම නඩුවෙන් ඉවත්වන බව අද පෙරවරුවේ දැනුම් දුන් අතර ඉන් පසු එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබීය.
විනිසුරු සුජීව නිශ්ශංකද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.
ඒ අනුව මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වනදා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here