ක්‍රිෂ් ගොඩනැගිල්ලට රතු නිවේදන!

0
4


කොළඹ LNW:කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලට සෞඛ්‍ය බලධාරීන් විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගොඩනැගිල්ල පිහිටි භූමිය දැඩි ලෙස මදුරුවන් බෝවන ස්ථානයක් බවට පත්ව ඇති අතර ඉන් කොළඹ නගරයටම සෞඛ්‍ය අවධානමක් ඇති කර තිබෙන බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග යටතේ පළාත පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන පරීක්ෂාවකදී මෙම තත්ත්වය අනාවරණය වී තිබෙන අතර
අනතුරුව කොළඹ මහ නගර සභාව, මධ්‍යම කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කීට විද්‍යා ඒකකයේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂාවල ලක් කර ඇත.

එහිදී ගොඩනැගිල්ලේ මදුරුවන් බෝවන ස්ථාන කිහිපයක් හදුනා ගෙන ඇති බව සඳහන්.

එම හඳුනාගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් එම පරිශ්‍රය වහාම ධූමකරණයට සහ කෘමිනාශක ප්‍රතිකාරවලට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර මදුරුවන් බෝවන ස්ථාන වහා ඉවත් කරන ලෙස ගොඩනැගිල්ලේ කළමණාකාරීත්වයට උපදෙස් ලබා දෙමින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here