ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට නව පියවරක්… – Saru News | සිංහල

0
9

කොළඹ, ශ්‍රී ලංකාව – තුන් ප්‍රයාම ක්‍රීඩා (Endurance Sports) සඳහා ජීවිත කාලය පුරාම සහභාගී වීම දිරිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමේ අරමුණින්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ IRONMAN 70.3 Colombo ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව අතර උපායමාර්ගික සහයෝගීතාවයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ පසුගිය 21 වනදා පැවැති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අච්චුදන්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක, Serendib Multisport (Pvt) Ltd අධ්‍යක්ෂ සහ IRONMAN 70.3 Colombo තරඟ අධ්‍යක්ෂ රජන් තනනායගම් සහ එහි පාපැදි හා ධාවන පථ අධ්‍යක්ෂ යසාස් හේවගේ සහභාගී වූහ.

වසර 07කට පසු නැවත පැමිණෙන ජාත්‍යන්තර අත්දැකීම

2018 සහ 2019 වසරවලදී සාර්ථකව පැවැත්වූ IRONMAN 70.3 Colombo, වසර හයක විරාමයකින් පසු 2026 දී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණේ. මෙවර රටවල් 45කට අධික සංඛ්‍යාවකින් සහභාගීවන්නන් සහ ආධාරකරුවන් 1,000කට ආසන්න පිරිසක් පැමිණීමට නියමිත අතර ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ද ඊට එක්වනු ඇත.

ක්‍රියාශීලී ජීවන රටාවක් සහ සෞඛ්‍යය

ශ්‍රී ලංකාව මුහුණ දෙන දියවැඩියාව සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග සඳහා විසඳුමක් ලෙස පිහිනීම, පාපැදි පැදීම සහ දිවීම වැනි විඳදරාගැනීමේ ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණකි. මෙම සහයෝගීතාවය හරහා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමටත්, විශ්වවිද්‍යාල සිසුන් සහ යොවුන් බලකාය සඳහා ස්වේච්ඡා අවස්ථා නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වේ.

තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මෙහිදී අදහස් දක්වමින්, “IRONMAN හරහා ක්‍රීඩාව යනු වයස් භේදයකින් තොරව ජීවිත කාලය පුරාම නිරත විය හැකි දෙයක් බව තහවුරු වන අතර, මෙය ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ජාත්‍යන්තර විශ්වාසය ප්‍රකාශ කිරීමක්” බව පැවසීය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here