ක්‍රියාත්මක කිරීමකින් තොරව සටන් පාඨ අසාර්ථකයි: 77 වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවය ඇමතූ නාමල්

0
12

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW :

ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතා, තරුණ නායකත්වය හරහා ඉස්මතු වියයුතුයි - නාමල් රාජපක්ෂ පවසයි.

ඔඩිසාවේ කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයේ (KIIT) පැවති 77 වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවය අමතමින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ වගකිවයුතු නායකත්වය, කලාපීය සහයෝගීතාවය සඳහා තරුණයින් විශාල මෙහෙවරක් ඉටු කළ යුතු බවයි.

“නායකත්වය යනු තනතුරක් නොවේ. එය වගකීමකි. එය බෙදාගත් ඉලක්ක සපුරා ගැනීම සඳහා අන් අයට බලපෑම් කිරීමේ ක්‍රියාවලියකි,”
කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයට ප්‍රශංසා කරමින් රාජපක්ෂ මහතා පැවසුවේ,මෙම ආයතන තාක්ෂණය හා නවෝත්පාදනය පමණක් නොව, ක්‍රීඩා ක්ෂේත්‍රයේද උද්යෝගිමත් තරුණ නායකයින්ද හැඩගස්වන බවයි. අධ්‍යාපනය සඳහා මෙන්ම ක්‍රීඩාව පිළිබඳ සාක්ෂි ලෙස ඉන්දියා විශ්ව විද්‍යාල ක්‍රීඩා සහ ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී මෙම ආයතනය ලබාගත් ජයග්‍රහණ පෙන්වා දුන්නේය.

අර්බුදකාරී කාලවලදී, විශේෂයෙන් 2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා අතරතුර සහ දිට්වා සුළි කුණාටුවෙන් පසු ලබා දුන් ආධාර හා උපකාර සඳහා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ රාජපක්ෂ මහතා, අභියෝගාත්මක අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව සමඟ සිටි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනතාවට ස්තූති කළේය.

කලාපීය සහයෝගීතාව අවධාරණය කරමින් ඔහු පැවසුවේ දකුණු ආසියාවේ සහයෝගීතාවය යනු හුදෙක් සටන් පාඨයක් පමණක් නොව, අපහසු කාල වලදී ඉන් ජය ගැනීමට සහ ශක්තිමත්, වඩා ස්ථාවර සමාජයන් නැවත ගොඩනැගීමට ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවයි. ආපදා ඔරොත්තු දීමේ හැකියාව සඳහා ඔඩිසාහි ගෝලීය පිළිගැනීම ඉස්මතු කරමින්, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ඉවත් කිරීමේ සැලසුම් සහ ප්‍රජා බලගැන්වීම යන ක්ෂේත්‍රවල එහි දියුණුව ඔහු සඳහන් කළ අතර, දේශගුණික විපර්යාස ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව පැවසීය.

ඉන්දියාවට ඔඩිසාහි දායකත්වය පිළිබිඹු කරමින්,සුභාෂ් චන්ද්‍ර බෝස්, හිටපු ජනාධිපති වී. වී. ගිරි සහ වත්මන් ජනාධිපති ද්‍රෞපදී මුර්මු වැනි ජාතික නායකයින් උපුටා දක්වමින් රාජපක්ෂ මහතා, සංස්කෘතිය, අනන්‍යතාවය සහ නූතනත්වය සහජීවනයෙන් හා ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳ ප්‍රතිරූප ලෙස විස්තර කළේය.

1950 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම මගින් පුරවැසියන් අත යුක්තිය, නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය තහවුරු කරන ලද බව සඳහන් කරමින්, ඉන්දියාවේ ජනරජ දිනයේ වැදගත්කම ද ඔහු සිහිපත් කළේය.තවද නිදහස ලබුණේ සටන් කිරිමෙන් බවද නාමල් රාජපක්ෂ පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here