කලා වැවේ ජල කාන්දුව බලන්න වාරිමාර්ග නියෝජ්‍ය ඇමති යයි

0
6


කලා වැවේ පවතින ජල කාන්දුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳ සොයා බැලීමට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ අද (26) පෙරවරුවේ එහි පැමිණ තිබෙනවා.

නියෝජ්‍යය අමාත්‍යවරයා සමඟ කලා වැව භාර ප්‍රධාන ඉංජිනේරුවරයා ද එම අවස්ථාවට සහභාගී වී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කඩිනමින් මෙම ජලකාන්දුව ප්‍රතිසංස්කරණය කරන බවත්, මෙම ජල කාන්දුව දීර්ඝ කාලයක සිට සිදුවන බවත්, මින් වැව් බැම්මට අවධානමක් නොමැති බවත් ප්‍රධාන ඉංජිනේරුවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඒ, අනුව ලෝක බැංකු ව්‍යාපෘතියක් මඟින් ඊළඟ යල කන්නය අවසානයේ මෙය ප්‍රතිසංස්කරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කලා වැවේ පිටවාන අසල වේල්ලෙහි ජල කාන්දුවක් සිදුවන බවට පසිගිය දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here