කම්කරු පක්ෂයේ නායක ධුරයට යළිත් වරක් කිම් ජොන්ගි උන්ග්

0
3

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ග් යළිත් වරක් කම්කරු පක්ෂයේ නායක ලෙස තේරී පත්වෙයි.

පක්ෂ සම්මේලනයේදී නියෝජිතයින් කිම්ගේ නායකත්වය යටතේ රටේ න්‍යෂ්ටික අවි ගබඩාව ශක්තිමත් කිරීම සහ කලාපීය ස්ථාවරය වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසා කළ බව වාර්තා වේ.

ඉදිරි වසර පහ සඳහා දේශපාලන හා මිලිටරි ඉලක්ක ගෙනහැර දැක්වීමට අපේක්ෂා කරන මෙම සම්මේලනය, ආසියානු එක්සත් ජනපද සහචරයින්ට සහ ඇමරිකානු ප්‍රධාන භූමියට තර්ජනය කළ හැකි මිසයිල හැකියාවන් සහිත න්‍යෂ්ටික අවි වැඩසටහන තවදුරටත් වේගවත් කිරීමට උත්සාහ කරන බවට ඇඟවීමක් ලෙස විශ්ලේෂකයින් දක්වයි.

සම්මේලනයේදී පක්ෂයේ බලවත් මධ්‍යම කාරක සභාව සඳහා නව සාමාජික ලැයිස්තුවක් ද නිකුත් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here