කන්පෙත්ත සුන්දර කර තරුණියන්ට ආකර්ෂණීය බවක් ගෙනෙන Piercing විලාසිතා.

0
21


කන් හැඩ කරන කරාබු කියන්නේ කාන්තා අපිට පුන්චි පහේ උමතුවක්. කන් පෙත්තේ දිලිසෙන එක හැඩකාර කරාබුවකට අමතරව තව කීපයක් දැම්මොත් කොහොම තියෙයිද? ඔබ හිතන්නේ piercing කීයක් ඔබට දාන්න ඕනි කියලාද? කීයක් තිබුනොත් ද ලස්සන? ගොඩක් දැම්මොත් කැතයිද? මම හිතන්තේ ඒක කලාවක්. ඔබ දාන්න කැමති piercing ප්‍රමාණයක් වේදනාවකින් තොරවම පහසුවෙන් ඔබට කරගන්න පුලුවන්. piercing රැල්ලේ අලුත්ම හැඩකාර විලාසිතා මේ ලිපියෙ තියනවා. Piercing ගොඩක් කරන්න ආසා, ඒත් තවමත් බයෙන් ඉන්න ඔබට මේ විලාසිතා දැක්කාම තවත් ආසා වෙයි.

ඔබේ කන්පෙත්ත ප්‍රමාණයෙන් විශාල නම් මේ විලාසිතාව ඔබටමයි. සිරස් අතට piercing දෙකක් කරලා කරාබු දෙකක් දාන්න පුලුවන්. ප්‍රමාණයෙන් පුන්චි කරාබු දෙකක් ඔබට දාන්න පුලුවන්. රන් පැහැයෙන්, රිදී පැහැයෙන් හෝ විසිතුරු ගල් ඇල්ලු කරාබු ලෙස ඔබට එක තේමාවකට කරාබු තෝරා ගත්තොත් තවත් ලස්සන වෙයි.

කන්පෙත්තට වඩා පොඩ්ඩක් ඉහලින් පිහිටන ලෙස කරන මේ piercing එක වඩාත් සංකීර්ණ විලාසිතාවන්ට කැමති ඔබට ගැලපෙනවා. ඔබේ කන් පෙත්තේ ප්‍රමාණය අනුව upper lobe එකට කරාබු දෙකක් හෝ තුනක් දාන්න පුලුවන්.

ඔබේ කනේ ඉහලින්ම පිහිටි කාටිලේජ කොටසේ තමයි මේ piercing එක කරන්නේ. කනේ තියන ඉඩ අනුව කරාබු එකක් හෝ කීපයක් දාන්න පුලුවන්. Piercing එකෙන් පස්සේ Ear Stud හෝ Ear Ring කීපයක් දාන්න පුලුවන්. එදිනෙදා දකින piercing වලට වඩා හුරුබුහුටි පෙනුමක් මේ වර්ගය ලබා දෙනවා.

කනේ ඇතුල් පැත්තේ මුහුණ දෙසට ඇති කාටිලේජය සිදුරු කිරීමයි මෙතනදී වෙන්නේ. Ear ring හෝ Ear stud කීපයක් දාන්න හැකි වන ලෙස සිදුරු මාලාවක් හදන්න පුලුවන්. Helix වගේම එකම මෝස්තරයේ ප්‍රමාණයෙන් වෙනස් කරාබු කීපයක් එකට දැම්මොත් හැඩට තියේවි.

කනේ ඇතුල් පැත්තට ඇති කාටිලේජය සිදුරු කිරීමයි මෙතනදි වෙන්නේ. කරාඹු වර්ග කීපයක් දාන්න කැමති කාන්තාවන් අතර මේ ක්‍රමය වඩාත් ප්‍රසිද්දයි. Ear Stud හෝ ඇතුලත සිට පිටතට විහිදෙන වලල්ලක් වැනි කරාබුවක් ( hoop) ඔබට දාන්න පුලුවන්. ඔබ කැමතිනම් piercing දෙකක් කරන්නත් පුළුවන්.

පොඩ්ඩක් සංකීර්ණ උනත් හැඩකර විලාසිතාවක් තමයි මේ කතා කරන්න යන්නේ. Industrial piercing වලදී කාටිලේජයේ සිදුරු දෙකක් අවශ්‍ය වෙනවා. විකර්ණයක් ඔස්සේ (එකෙනෙකට ප්‍රතිවිරුද්දව) නමුත් මදක් ඇලව piercing කරන අතර barbell එකක් මගින් සම්බන්ද වේ. Barbell එකක් කියන්නෙ සෘජු සිලින්ඩරාකාර කොටසකට දෙකෙලවරට සවි කරන ලද පබළු දෙකකින් යුත් ආභරණයක්. එකක් පබළුවක් හෝ දෙකම අයින් කරන්න පුලුවන්. ගැහැනු පිරිමි භේදයක් නැතුව බොහෝවිට මේ වර්ගය දිවට පලඳිනවා.

කනේ අභ්‍යන්තරයේම පිහිටි කාටිලේජයට තමයි piercing කරන්නේ. ටික දවසක් යනකල් අපහසුතා හටගන්න බව සමහරු කීවත් ඒ පිලිබඳ සාක්ශි නෑ. කැපී පෙනෙන ලොකු ear ring එකක් (hoop) දැම්මොත් ඔබව වඩාත් කැපී පෙනෙයි. මේ වගේ piercing එකක් කරනවා නම් ඔබ ඉතාමත් දක්ෂ ශිල්පියෙක් ගේ සහය ලබා ගන්න අමතක කරන්න එපා.

අභ්‍යන්තර කාටිලේජයේ නැම්ම තමයි pierce කරන්නේ. Daith piercing එකට ඉහලින්, inner conch සහ forward helix අතරයි මේ තැන තියෙන්නේ. Curved barbell එකක් යොදාගෙන හැඩ වෙන්න පුලුවන්.

කනේ අභ්‍යන්තර සිදුරට ප්‍රතිවිරුද්දව pierce කරනවා. බොහෝ විට එක piercing එකකට පමනයි මෙතන ඉඩ තියෙන්න. ඒත් ඔබ කනේ ප්‍රමාණය අනුව ඔබට ඊට වඩා පලඳින්නත් පුලුවන්. Stud එකක් හෝ hoop එකක් දාන්න ඔබට පුලුවන්. මේකත් කාටිලේජයට කරන piercing වර්ගයක්.

Trage piercing කරන ස්ථානයට ප්‍රතිවිරුද්ධ නැම්ම සඳහා තමයි මේ piercing එක කරන්නේ. පසුගිය කාලය තුළ මේ විලාසිතාව වැඩිපුර ජනප්‍රිය වුණා කියලා තමයි කියන්නේ. ප්‍රමාණයෙන් පොඩි කරාබු වර්ග මේ ස්ථානයට පළඳින ඒක තමයි වර්තමානයේ තරුණියන්ගේ තේරීම වෙලා තියෙන්නේ.

Anti tragus piercing ස්තානයට මඳක් ඉහළින් පිහිටි piercing එක තමයි snug කියන්නේ. Barbell හෝ hoop එකක් දාන්න පුලුවන්. කාටිලේජය ඝණකම වැඩි නිසා පොඩ්ඩක් වැඩිපුර රිදෙනවා කියලයි pierce කරපු අය කියන්නේ.

කන් පෙත්තට කරන piercing එක හැරෙන්න අනිත් piercing සුවපත් වෙන්න පොඩි කාලයක් ගන්නවා. ඒ කාලය තුළ ඔබ ගුණාත්මක බවින් ඉතා ඉහළ කරාඹුම පමණක් පදින්න ඕන. ඊට පස්සේ කාලයේ ඔබ තෝරාගන්නා කරාඹු ගැන තමයි මේ කියන්න හදන්නේ. ඔබ ලෝහ වර්ග වලට ආසාත්මිකතා දක්වන කෙනෙක් නම් මෙවැනි ස්ථාන වලට තරම් කරාඹු පලඳින විට ගොඩක් සැලකිලිමත් වෙන්න. එදිනෙදා වෙළඳපොලේ නිතර දකින හැඩ වැඩ ඇති කරාඹු මිලදී ගන්නකොට ඒවාගේ තත්වය ගැනත් හොයල බලන්න අමතක කරන්න එපා. ඒ වගේම piercing වලට ආදරේ කරන ඔබට නවීනතම විලාසිතා අන්තර්ජාලය හරහා මිලදී ගන්න පුළුවන්. සිත් ඇද ගන්න අලංකාර කරාඹු මිලදී ගන්න කොට ඒවා හදපු අමුද්‍රව්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න. ස්මාර්ට් ඔබට හැඩකාර, දඟකාර, හුරුබුහුටි පෙනුමක් ගෙනනත් දෙන්න සමත් වෙන මේ විලාසිතාව තවමත් ඔබ කරලා නැත්නම් ආයේ පාරක් හිතලා බලන්නකෝ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here