කන්කුන් මැල්ලුම

0
10


අතීතයේ ගෙවතුවල නිතර දකින්නට තිබුනද අද කෘතීම බෙහෙත් පොහොර යොදමින් මහා පරිමාණයෙන් වගා කරනු දක්නට හැකියඔබට උවමනාවක් ඇත්නම් වත්තේ අයිනක කන්කුන් ටිකක් වවා ගන්නට අමාරු නැතකන්කුන් වැල් මෙන්ම ගස්ද දක්නට ඇතදැන් දැන් විදේශීය පඳුරු ලෙසින් වැවෙන වර්ගයක්ද ඇතගොඩ බිම වැවෙන ඒවා රසයෙන් වැඩියවතුර ආශ්‍රිතව වැවෙන ඒවා වතුරේ දියවී ඇති කෘමිනාශක පහසුවෙන් අවශෝෂණය කරගන්නා බැවින් භාවිතයට එතරම් සුදුසු නැත.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කන්කුන් මිටි 1
  • පොල් අවශ්‍ය පමණ
  • පොල්තෙල් ස්වල්පයක්
  • අමු මිරිස් කරල් 4
  • රතු ළුණු ගෙඩි 8
  • අබ ස්වල්පයක්
  • කහකුඩු ස්වල්පයක්
  • ලුණු

සාදන ක්‍රමය:

සිහින් කොළ සහ කඳක් ඇති කන්කුන් රසයෙන් වැඩි බැවින් හැකිනම් ඒවා ගන්න.කන්කුන් තරමක් සිහින්ව ලියා ගන්න.

රතු ලුණු,අමු මිරිස් සිහින්ව ලියා ගන්න.ලුණු කුඩු,කහ ස්වල්පයක්,දමා කපන ලද කන්කුන් සමඟ හොඳින් අනාගන්නමැටි ඇතිලියකට තෙල් දමා රත්වන විට අබ ටිකක් දමා පුපුරන විට සාදාගත් මැල්ලුම එකතුකර හොඳින් කලවම් කරමින් කන්කුන් නැටි හොඳින් තැම්බෙන තෙක් පිසගන්න.

රසවත් මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ඉහල මැල්ලුමකිදෙහි අවැසි නම් පමණක් එක් කරන්න.

නිකිණි බණ්ඩාරගේ ගමේ කෑම කෘතියෙන්

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here