කටට රහට සුප් හදමු

0
11


සුප් බොන්න අපි කවුරුත් කැමතියි. ඒ වගේම සුප් එකක් කියන්නේ පරිපූර්ණ ආහාරයක්. අද අපි රසවත් සුප් වර්ග කිහිපයක් හදා ගන්න ආකාරය ගැන කතා කරමු.

ඕට්ස් සුප්

අවශ්‍ය දේවල්:

ඕට්ස් මේස හැඳි 5ක් පමණ

ගම්මිරිස් කුඩු තේ හැන්දක්

ළූණු සහ සුදු ළූණු ස්වල්පයක්

ටොමැටෝ පේස්ට්

තෙල් ස්වල්පයක්

කැමති මස් වර්ගයකින් 75g ක් පමණ

සාදා ගන්නා අයුරු:

ළූණු කුඩාවට කපා ගන්න.

භාජනයක් ගෙන එයට තෙල් දමා රත් කර එයට ළූණු දමා බැද ගන්න.

මස්ද  එකතු කර මඳ වේලාවක් තබමින් වතුර දමන්න.

වතුර නටද්දී අනෙකුත් බඩු සියල්ල දමා හැඳි ගා රස බලන්න.

Tomato Cool soup

අවශ්‍ය දේවල්:

තක්කාලි ගෙඩි 3ක්

බෙල් පෙපර් (කොළ පාට)කුඩා කැබැල්ලක්

ළූණු 

ෆ්‍රෙෂ් ක්‍රීම් හෝ සාමාන්‍ය කිරි කෝප්ප 1/2

ගම්මිරිස් ස්වල්පයක්

ලුනු ස්වල්පයක්

සීනි තේ හැන්දක්

සාදා ගන්නා අයුරු:

තක්කාලි උණු ජලයට දමා විනාඩි 5 ක් වසා තබන්න.

එවිට පහසුවෙන් පොතු ඉවත් වෙනවා.

ෆ්‍රෙෂ් ක්‍රීම් හැරෙන්නට ඉහත සියල්ලම බ්ලෙන්ඩි කරන්න

ඉන් පසු මෙය ශීතකරණයේ තබන්න.

පිලිගන්වන විට ෆ්‍රෙෂ් ක්‍රීම් උඩින් දමන්න.

Potatoes and Chicken mixed Cream Soup –

අවශ්‍ය දේවල්:

කටු සහිත කුකුල් මස්

අල ගෙඩි 03ක්

ළූණු ගෙඩි 1ක්

ළූනු කොළ මිටක්

ෆ්‍රෙෂ් ක්‍රීම්

ලුනු ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

සාදා ගන්නා අයුරු:

මුලින්ම කුකුල් මස්, අල,ළූණු සහ ලුනු දමා හොඳින් තම්බා ගන්න.

එය ලිපෙන් ඉවත්කිරීමට විනාඩි 5කට පෙර ළූණු කොළ දමන්න.

දැන් මස් හැන්දකින් ඉවතට ගෙන සියල්ලම බ්ලෙන්ඩ් කරගන්න.

පිළිගැන්වීමට පෙර ගම්මිරිස් කුඩු දමා ෆ්‍රෙශ් ක්‍රීම් දමා උණුසුම් ලෙස පිලිගන්වන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here