කටට රසට උයන්න ඉවුම් පිහුම් රහස්

0
14


රසට කාර්යක්ෂමව ඉවුම් පිහුම් කරනවිට දැනගත යුතු කරුණු කාරණා බොහොමයි. ඉතින් ඒ වගේ පුංචි පුංචි කරුණු  කාරණා කිහිපයක් ඔබ සමඟ බෙදා ගන්නයි අපගේ මේ සුදානම…

මේ ව්‍යංජනයට මිටිකිරි එකතු කරන විට අබ හා සුදු ළුණු අඹරා ව්‍යංජනයට මිශ්‍ර කරන්න. ඉමිහිරි සුවඳක් සහ ප්‍රණීත රසයක් ලැබේ.

තෙල් හොඳින් රත් කරගැනීමෙන් පසුව මද ගින්දරේ බදින්න. කට්ලට් තෙලට දැමූ විගසම තෙල් හැන්දෙන් පෙරලන්න එපා. එවිට කුඩු වීමට ඉඩ තියෙනවා. එසේම කට්ලට් ටිකක් බැදගත් පසු තෙල් පෙරා කුඩු ඉවත්කර නැවතත් බදින්න.

අමු මිරිස්, ළුණු, දෙහි පොල්, සියල්ල වෙනම මිශ්‍ර කරන්න. ඉන්පසු සිහින්ව ලියාගත් අඟුණ කොළ එයට මිශ්‍ර කරන්න. පොඩි නොවන සේ කලවම් කරන්න.

කරවිල තිත්ත රසය නැතිව පිසීමට කරවිල කපා හාල් සෝදා ගත් වතුරෙන් තම්බා පිසින්න. එසේම නටන කිරි මිශ්‍රණයට කරවිල කපා දැමීමෙන්ද තිත්ත ගතිය නැති කරගත හැකිය.

කපාගත් පොළොස් කැබලි ඇතිළියට දමා කැබලිවලින් උඩට සිටින ලෙස වතුර වත්කර ලිප තබා, විනාකිරි ස්වල්පයක්ද, ගොරකා කැබලි දෙකක් හා ලුණු ස්වල්පයක්ද දමා පැයක් පමණ වේලාවක් තම්බන්න. ඉන්පසු කිරි සහ අනෙක් පහේ වර්ග එකතු කරන්න.

ඉහත එළවළු වර්ග පිසින විට කැකුළු හාල් තේ හැඳි බාගයක්, අමු පොල් මේස හැඳි එකක්, රතුළුණු ගෙඩි 5, අබ තේ හැඳි බාගයක් සිහින්ව අඹරා ව්‍යංජනයට එකතු කරන්න. එවිට සුවඳක් හා රසයක් ලැබේ.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here