කච්චතිව් නැවත ලබාගන්න – තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින්ගෙන් යෝජනාවලියක්

0
17


තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් විසින් ශ්‍රී ලංකාවේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් රජයේ යෝජනාවලියක් රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.

ඔහු එමගින් ඉල්ලා ඇත්තේ ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින බවයි.

තමිල්නාඩු ධීවරයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීමට ගත හැකි එකම ස්ථිර විසඳුම කච්චතිව් නැවත ලබාගැනීම බව ඔහු අවධාරණය කර ඇතැයිද වාර්තා වනවා.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් විසින් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති පසුබිමකයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here