කකුලට හිර සපත්තු ඔබට කරදරයක් ද?

0
13


හිර වෙන සපත්තු  දෙකක් කියන්නේ ඔබේ දවසම නාස්ති කරන දෙයක්. හිර සපත්තු දෙකක උගුලෙන් ගැලවෙන්න පුංචි ට්‍රික්ස් කිහිපයක් ඔබට භාවිතා කරන්න පුලුවන්.

1.  සාමාන්‍ය  ප්ලාස්ටර් 

ජනප්‍රියම ක්‍රමයයි. සපත්තුව සමේ ඇතිල්ලීම නිසා තුවාල සිදුවීමට ඉඩ ඇති ප්‍රදේශ වල  ප්ලාස්ටර් අලවන්න. සමේ පැහැයට ගැලපෙන ප්ලාස්ටර් තෝරා ගන්න.

2. පවුඩර් 

ඔබ සපත්තුවක් පැළදීමට පෙර දෙපා හොඳින් වියළා එහි පවුඩර් ආලේප කරන්න. සපත්තුවට කකුල කැපීම වළකිනවා.

3.  deodorant

 කකුලේ වැඩිපුර කැපී තුවාල වෙන ප්‍රදේශ වන කකුලේ වළලු කර, ඇගිලි ආදී ප්‍රදේශ වල සපත්තු පැළදීමට පෙර  deodorant ආලේප කරන්න. තුවාල වීම වළකිනවා.

4. අයිස් 

ඔබට පැළදීමට අපහසු සපතු ගෙන ඒ තුළට වතුර පිරවූ ප්ලාස්ටික් බෑග් දමා අධි ශීතකරණයේ රැයක් පුරාවට තබන්න. උදෑසන සපත්තු පිටතට ගත් විට ඔබේ සපත්තු  තරමක් ප්‍රමාණයෙන් විශාල වී තිබේවි.

5. Alcohol සහ කඩදාසි 

සපත්තුවේ හිර ප්‍රදේශ වලට ඇතුලට තෙත් වනතුරු Alcohol ඉස ගන්න. පසුව කඩදාසි වලින් සපත්තුව පුරවාගන්න. උදෑසන වනතුරු තබා කඩදාසි ඉවත් කර මද වෙලාවක් සපතු දෙක පැළදගෙන ඇවිදින්න.
-නිබන්ධිකා-

The post කකුලට හිර සපත්තු ඔබට කරදරයක් ද? appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here