ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි මස 3 වනදා

0
10


ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි මස තුන්වනදා පවත්වන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ කම්කරු පක්ෂයට පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක් පමණක් පැවතිය ද මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකි බවට අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.

දැනට සිදු කර ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රධාන පක්ෂ දෙකට ස්වාධීන හෝ සුළු පක්ෂවල සහාය ලබා ගැනීමකින් තොරව රජයක් පිහිටුවිය නොහැකි බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මෙවර මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙනවා.

කම්කරු පක්ෂය මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් දශකයකට පමණ පසු අඛණ්ඩව දෙවරක් මැතිවරණය ජයග්‍රහණය නොකළ පළමු පක්ෂය බවට පත්වනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here