ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ජය හිටපු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ කම්කරු පක්ෂයට හිමිවන ලකුණු

0
5


අද පැවති ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ වාමාංශික ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය ජයගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. 

පූර්ව ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල අනුව ඇන්තනී ඇල්බනීස් දෙවන වරටත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි එම මාධ්‍ය වාර්තා අනාවරණ කරගෙන ඇත්තේ. 

මෙවර මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය ධූරයට තරග කළ අනෙක් ප්‍රබලතම තරගකරුවා වූ කොන්සවේටිව් ලිබරල් ජාතික සන්ධානයේ අපේක්‍ෂක පීටර් ඩටන් ඔහු තරග කළ ආසනයෙන් ද පරාජයට පත්ව තිබෙනවා. 

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙම රාත්‍රිය ලිබරල් පක්ෂයට හෝ ඕස්ට්‍රේලියාවට අවශ්‍ය රාත්‍රියක් නොවන බවයි. 

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මෙවර සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් ගණන මිලියන 18ක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here