සැලෝන් එකකට මුදල් වියදම් නොකර නිවසේ සිටම ඔබටම කරගත හැකි ප්‍රතිකාර බොහොමයක් තියෙනවා. බාහිර ප්‍රතිකර්ම වගේම සතුටින් සිටීම, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, වතුර පානය කිරීම, නිසි පෝෂණයෙන් යුතු ආහාර ගැනීමත් අනිවාර්යයෙන්ම වැදගත් …
කුඩු කරගත් ඕට්ස් මේස හැඳි 1, කඩල පිටි මේස හැඳි 1, මී පැණි තේ හැඳි 1
සහ රෝස වතුර එක්කර පැක් එකක් සාදා මුහුණේ සහ ගෙලෙහි ආලේප කර විනාඩි 10 තිබෙන්නට හැර සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.
බිත්තර සුදු මදයක්, යෝගට් මේස හැන්දක්, දෙහි බින්දු දෙක තුනක් එකට මිශ්‍ර කර මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර වියලෙන්නට හැර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි භාගයකට මී පැණි තේ හැන්දක් සහ ඔලිව් තෙල් මේස හැන්දක් එක්කර හොඳින් පොඩි කරගන්න. මෙම මිශ්‍රණය මුහුණේ සහ ගෙලෙහි ආලේප කර විනාඩි 15 පමණ තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා නැවත සිසිල් ජලයෙන් සෝදා හරින්න.
සූරාගත් ඉදුණු අලිගැට පේර මද මේස හැඳි 4 කට මී පැණි මේස හැන්දක් එක්කර හොඳින් මිශ්‍ර කර මුහුණේ සහ ගෙලෙහි ආලේප කර වියලෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
එඬරු තෙල් මේස හැඳි දෙකකට දෙහි යුෂ තේ හැන්දක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. රාත්‍රී නින්දට යාමට පෙර මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර විනාඩි දෙක තුනක් උඩු අතට කවාකාරව සම්භාහනය කරන්න. උදෑසන මඳඋණුසුම් ජලයෙන් සෝදා හැර පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.
– ඉරේෂා –
Saru FM Media