ඔස්ට්‍රේලි‍යාවෙන් බංග්ලාදේශ රජයට ලිපියක්

0
4


ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙනෙට් සභිකයින් 41 දෙනෙකුගෙන් සමන්විත සන්ධානයක් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ නායක මුහම්මද් යුනුස් වෙත විධිමත් ලිපියක් යොමු කර තිබේ.

එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ රට තුළ නිදහස්, සාධාරණ සහ විශ්වාසනීය මැතිවරණයක් සහතික කිරීම සඳහා ක්ෂණික හා විනිවිද පෙනෙන මැතිවරණ රාමුවක් සකස් කරන ලෙසයි.

ඕස්ට්‍රේලියානු නීති සම්පාදකයින් විසින් බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවය සහ ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම අත්‍යවශ්‍ය බව ද පෙන්වා දී තිබෙනවා.

ඔවුන් එමගින් මැතිවරණ පැවැත්වීම සඳහා කාලානුරූප සැලැස්මක් ගෙනහැර දැක්වීමේ හදිසි අවශ්‍යතාව ද අවධාරණය කළහ.

විදෙස් මාධ්‍ය පවසන්නේ බංග්ලාදේශයේ දේශපාලන ගමන් මග පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව අතර වැඩෙන සැලකිල්ල මෙම අභියාචනය මගින් පිළිබිඹු වන බවයි.

අදාළ ලිපිය, වත්මන් කැලැන්ඩර වර්ෂය තුළ මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවට ඕස්ට්‍රේලියාවේ වෙසෙන බංග්ලාදේශ ප්‍රජාව තුළ පුලුල්ව පැතිරුනු අපේක්ෂාවන් උපුටා දක්වමින් “හැකි ඉක්මනින්” මැතිවරණ සඳහා නිශ්චිත කාල රාමුවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලෙස ද ඉල්ලා සිටියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here